Skip to main content

Posts

Featured

මීයා කියන්නෙ ආතල් සතෙක්

බොහොම සාමකාමීව පවුල් පන්සල් වීමේ ප්‍රීතිය භුක්ති විදින තලත්තෑනි දෙමාල්ලන් එක දවසක රෑ ජාමෙ ගෙදර ලී සිවිලිමෙන් ආපු ගොර බොර දඩං බඩං සද්දෙට ඇහැරුණා. මොකාද වදේ මේ මහ රෑ වහලෙ හක්කලං කොරන්නෙ කියල අහපු මායියට ගෙදර ලොකු උන්නැහේ කිව්වෙ ඔය කලවැදෙක් හරි උගුඩුවෙක් හරි වෙන්නැතිය කියල. පහුවෙනිද උදේ ලොකු උන්නැහේ තමන්ගෙ ගමන් මල්ලත් අරන් රැකී රක්සාව කරා පිටත් වෙන්න දොරකඩට ඇවිත් උඩ බැලුවා.  " ආන්න ඒයි ... ඊයෙ රෑ ජා මෙ හොල්මන් කරපු එකා ..." කියල උළුවස්ස උඩ ලැගල හිටපු ටොම්බ සයිස් මීයෙක්ව මායියට පෙන්නුව. අවාසනාවක මහත කියන්නෙ උදේ වැඩට යමින් ඉද්දි මුහුණ දීපු හදිසි අනතුරකින් ලොකු උන්නැහේ මියැදුනා. බොඩි එක ගෙනාවෙ රාත්‍රී කාලයෙ. කිරිඅප්පොච්චියේ මායියා අඩනවා ගම වෙවුලන්න. " අනේ මගෙ දෙයියෝ මට අද උදේ මීයත් පෙන්නල නේද ගියේ ... " මල ගේ පැත්තක. ගමේ එවුන්දලා හිනා වෙනවා පුතා බිම පෙරලීගෙන. ඔව් ! ගණ දෙවියන්ගේ වාහනය වෙච්චි මීයාට ලෝකයා සලකන්නෙ එක එක විදිහට. නැගෙනහිර ආසියාතික රටවල් වෙච්චි කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය ආදී රටවල් වල තෙම්පරාදු කරන ලද මීයන් කෑමට ඇති ඉල්ලුමට නොදෙවෙනි ඉල්ලුමක් ලොකු සයිස

Latest Posts

ජීවිතේට නිවාඩුවක්

අම්මෝ සුවද ... රා නේද?

මේ අලුත් අවුරුද්දේ කිරියෙන් පැණියෙන් ඉතිරුණේ ජඩ මාධ්‍යවේදීන්ට පමණි ...

ම්ලේච්ජ මූලධර්මවාදීන්ගෙන් ශ්‍රී ලාංකීය මුස්ලිම් මිනිස්සුන්ව බේරා ගැනීමේ අරගලයට එකතු වෙමු

මෙලෝ රහක් නැති දුර්වල ප්‍රජාතන්ත්‍රවාදය

සැළලිහිණියෝ ... නුඹ දන්නෙ නෑ

ඇස් පාදපු ගුරුවරු ...

පුරවැසියාගේ ආතල් කැඩීම

මිනිස්සු ජාති දෙකයි . . .

උදා වූ යෞවනය