ඇස් පාදපු ගුරුවරු ...



අපි උසස් පෙළ ලියපු 2003 අවුරුද්දෙ දවසක් . . .

පෙරුම්පුරාගෙන සංවිධානය කරපු ශිෂය නායක දිනය වෙනුවෙන් මුළු කණ්ඩායම ම එකා වගේ මහන්සි වෙලා වැඩ කරපු කාලයක්. ශිෂය මන්ත්‍රණ සභාවෙ අනුමැතිය ඇතිව කරපු වැඩ අටෝරාසියක් අස්සෙ මොකද්දෝ ප්‍රොටොකෝල් එකක් ෆලෝ කරේ නැතෙයි කියල පාසල් පරිපාලනයෙන් බැණුම් අහගෙන යක්ෂාවේෂ වෙලා හිටපු හෝරාවක්.

බෝමිරිය මධ‍ය මහා විදයාලයේ පැරණි රංග ශාලාවෙ වේදිකාව අයිනෙන් එළියට බහිද්දි තිබ්බ පේර ගහක්. එතනදි මගේ කේන්තියෙ රස්නෙ පිටකලේ යසවර්ධන සර් ඉදිරිපිට.

"ඉස්කෝලෙ ඇතුලෙදි රස්තියාදු ගහගෙන මෙලෝ දේකට සපොර්ට් නොකරන උන්ට කිසි කෙනෙක්ගෙන් ලෙඩක් වැටෙන් නැහැ. නිදි මරාගෙන කටු කාගෙන ඉස්කෝලෙ වෙනුවෙන් මහන්සි වෙන අපිව තමයි පොඩ්ඩක් මිස් උනත් කොයි කවුරුත් මරාගෙන කන්න හදන්නෙ."

සර් මගෙ ඇස් වල කළු ඉංගිරියාව දිහා බලාගෙන මෙහෙම කිව්ව.

“පුතා ... තමුන්ගෙ මහන්සියෙ ප්‍රතිඵල ලැබෙන්නෙ තමුන්ගෙම අනාගතේට.
දැන් කටු කන උඹලට අනාගතේදි මස් කන්න ලැබෙන එක ස්ථිරයි.

ඒ වගේම දැන් කටු නොකන උන්ට අනාගතේදි මසුත් නෑ ... කටුත් නෑ...

මං මේක කිව්ව කියල හොදට මතක තියා ගන්නව !

දැන් තමුන්ගෙ කේන්තිය පැත්තකට දාල ඉතිරි වැඩ ටික කරගෙන යනව. හ්ම් ... ”

2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ නිර්මාණශීලීම ගුරුවරයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ යසවර්ධන සමන් කුමාර ගුරු දේවයන්ට සියළුම සිසු පරම්පරාවන්ගේ ආචාරය වේවා !
[Most Innovative Teacher of the Year 2018; Conducted By : Sri Lankan Democratic Education Conference]

තිළිණ හිරිපිටිය
ශිෂය නායක 2002/03
භෞතික විදයා අංශය
බෝමිරිය මධය මහා විදයාලය

Comments

Popular Posts