අම්මෝ සුවද ... රා නේද?




අවුරුදු විසි ගණන් වලදි කතා බහ කරපු සමහර දේවල් තියෙනව කවදාවත් අමතක වෙන්නෙත් නැති; කොච්චර කාර්යබහුලත්වයක් අස්සෙදි උනත් මතක් උනොත් බකස් ගාල හිනා යන ජාතියෙ.

වදන් වලින් තොරණ් ගැහිල්ලෙ හැකියාව හින්දම ඒ දවස් වල අපේ උන්ගෙ කපුකම් ගොඩක් කෙරුණේ මගේ මැදිහත් වීමෙන්. සංගීත් විලත්ගමුවගෙ කූට්ටුවිල්ලට මහ ගෙවල් වලින් රෝමයක් ඇදිල තිබිච්ච වෙලාවෙ සාම්ප්රදායික මනමාලි විසිට් එකට ඌ ගෙදර මහ උන්දැල ඉස්සර කර ගන්නෙ නැතුව මාව ගෙනියන්න තීරණය කරල තිබ්බා. 

ඒ දවස් වල ඌ පැද්ද කිරි ටොයියා පල්සර් හුටාර් එකේ ඩබල් දාල අතුරුගිරියෙ ඉදන් මග්ගොනට යන්න අපි පිටත් උනා. මෝනිස් එකෙන් ලොකු රස කේක් ගෙඩියකුයි, පිම්බෙන්න ඉදුන රත් කෙසෙල් ඇවරියකුයි අරන් මනමාලිගෙ ගෙදර මංගච්ජද්දි ඌ ආදර කතාවෙ තත්කාලීන අර්බුද ටිකයි, කතා කල යුතු හා නොකල යුතු මාතෘකා ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කලා. 

මෝටර් බයිසිකලයක් හුලං කපාගෙන යද්දි ඉස්සරහ එකා කියන දේවල් පිටිපස්සෙ එකාට ඇහෙනවයැ. ඒක තේරෙන්නෙ පස්සෙන් විතරක් ගිය උන්ටනෙ. කෙල්ලගෙ ගේ තිබ්බෙ මග්ගොන පොල් වවපු ලොකු වත්තක් මැද. ගේට්ටුව පැන්නයින් පස්සෙ සංගීතයා ස්ලෝ කරල ඇහුව " හරි නේද බඩෝ? " කියල. ආයෙත් අහල. වට පිට බල බල වෙන කල්පනාවක් ආපු මං ඔව් ඔව් කිව්ව.

ඒ පවුලෙ හැමෝම හරි හොඳ උදවිය. අපිට හරි ආදරයෙන් සැලකුව. පැය බාගෙකට විතර පස්සෙ කතා බහේ කොන්ට්රෝල් එක තිබ්බෙ මං ගාව. හැමදේම ලස්සනට ගලාගෙන ගියා.

අරුමැක්කෙ පුරුදු නැවුම් සුවදක් හාත්පස ගලාගෙන යන්න පටන් ගත්ත. ප්රධාන සංවේදී ඉන්ද්රියන් වල කටු කැරකෙන්න ගත්ත හිටු කියල.

" අම්මෝ සුවද ... රා නේද? " මං ඇහැව්වෙ බල්ලෙක් වගේ ඉව අල්ලන ගමන්.

සංගීතය ඔළුවෙ අත ගහගෙන ගිණි පුළිගු දෑසින් මට රවාගෙන ඉන්නව. 

" ආ ... ඔව් ඔව්. අපේ වත්තෙ මදිනවනෙ. ඔය අද පරක්කුයි. පුතාල යාළුවො එක්කල නිස්කාන්සුවෙ එන්නකො හොදවයින් සප්පායම් වෙලා යන්න. " මනමාලි පාර්ශ්වයේ පියාණන්ගෙන් එහෙම ග්රීන් ලයිට් පත්තු වෙද්දි කසාදෙ ගොඩගිය එක අහන්නත් දෙයක් යැ.

අපේ උන් ගොඩාක් මහන්සි උන මංගල්යයක් ඒක. මනමාලි පාර්ශ්වයෙ උත්සවය තිබුනෙ ගාල්ලෙ හොටෙල් එකක. ඒ පැත්තෙ අක්කලා, නංගිලා, නෑනලා වෙඩින් එක දෙක වෙන්න ඩාන්ස් කලා. අපේ අමිලයා ඒ නැටිල්ල දිහා කට ඇරගෙන ඇහි පිය නොහෙලා බලන් හිටියා.

ඒ වග අපිට මාට්ටු උනහම ඌ මෙහෙම කිව්වා. " සාරි ඇදගෙන නටන කොට හරි මෙව්වෙකයි බං. බලා ඉන්න ආසයි. අනික මේ දකුණෙ කෙල්ලො ... පුහ් ! පිස්සු කොර ... "

#බුර්කාඑපා 🧕
#අමාරුමනංසාරිත් එපා 💃

මරාගෙන මැරෙනව කියන්නෙ මේවටයි බ්රෝ 😋🔫

Comments

Popular Posts