උදා වූ යෞවනය


අනූව දශකය අගභාගයේදී ගැටවරයන් වූ අපට රජයෙන් ලද මහගුම පිළිගැනීම වූයේ ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීමය. සා. පෙළ විභාගයට පෙනීසිටීම සදහා අනිවාර්ය සාධකයක් වූ එය ලැබෙන තාක් තිබූ නොඉවසිලිමත්භාවය පෙරදැරි වූයේ එවකට ප්‍රචලිත ඩෙක් පීස් නොහොත් චිත්‍රපට පටිගත තැටි ලබා ගැනීමට ඉන් ඉඩහසර සැළසෙන හෙයිනි. සටන් චිත්‍රපට නැරඹීමෙහිලා කිසිදු ගැටළුවක් පැන නොනගින මුත් වැඩිහිටියන්ට පමණක් වෙන්වූ ඩෙක් පීස් ලබා ගැනීමට තිබූ එකම ප්‍රවේශ පත්‍රය ජාතික හැදුනුම් පතයි.
ලිoගිකත්වය යනු කුමක්දැයි දැඩි අවධානයෙන් පසු වූ ඒ යුගය සමස්ත සමාජයම සැගවීමට වෙර දරන කරුණක් ඉමහත් පරිශ්‍රමයකින් යුතුව ගවේෂණය කල යුගයකි. මහා ගත්කරු මාටින් වික්‍රමසිoහයන්ගේ මඩොල් දූවෙහි එක් තැනෙක උපාලිගේ පන්ති සගයන් කාමයෙහි වරදවා හැසිරෙනවා යනු කුමක්දැයි ගුරුන්නාන්සේගෙන් විමසද්දී උන්දෑ පිළිතුරු නොදී ලිස්සා යන්නේ ආදෙකු පරිද්දෙනි.
අල්ලේ තාක්ෂණය දියුණුව නොතිබූ ඒ යුගයේ මේ කුතුහලය සoසිදුවීමෙහිලා පෙරගමන් ආවේ මුද්‍රිත මාධ්‍යයි. එහෙන් මෙහෙන් පාවී අපේ අතට පත් අනේකවිධ වැල පත්තර (Play Boy වර්ගයේ) කායික සම්භෝග විධි හා සිහින කතාන්දර වලින් අපේ හැගීම් පිරවීය. ඒ කාලයේදී පාසල් බෑගයේ හොර සාක්කුවක, නිල ඇදුමේ සවිමත් තැනෙක හෝ සපත්තුවක් තුල සැගවීගෙන සගයන් අතරේ සැරිසරන පත්තරයක් ඉටුකලේ නොනිත් ආශාවෙන් පිරුනු නවයොවුන් වියේ අවශ්‍යතාවයකි.
තත්වය යම්තාක් දුරකට තේරුම් ගත් අධ්‍යාපන බලධාරීන් එවක විෂය නිර්දේශය වෙනුවෙන් “උදාවූ යෞවනය” නම් වූ මුද්‍රිත පොත් වහන්සේ හා පන්ති කාල පරිච්ජේදයක් වෙන් කරන ලද්දාහුය. අපිට තව දුරටත් කෙළ උනේ ඉන් අනතුරුව බව ලියා තැබිය යුතුය. මූලික මිනිස් ප්‍රජනන ක්‍රියාකාරකම් හා නවයොවුන් වියේ ශාරීරික හා මානසික වෙනස්වීම් ගැන ඉතා සීරු මාරුවට පෙළ ගස්වා තිබුනු කරුණු ඉතා උනන්දුවෙන් කියැවූ අපිට තව තෝරා බේරා ගැනීමට ගැටළු කන්දරාවක් තිබින. ඒවා මේ කොන්ඩම් එකක දෙපැත්තම පාවිච්චි කල හැකිදැයි වගේ අවර ගණයේ ගැටළු නොවූ අතර එක් අතකට “උදා වූ යෞවනය” පොත අපිව තවත් අතරමo කලා වැනිය. එකී පාඩම වෙන් වී තිබුනේද එවකට විදයාලයේ කැඩෙට් කණ්ඩායමේ න්‍යායාචාර්ය වරයා වු ගුරුතුමාටය. එතුමා බොහෝම හොද සැර ගුරුතුමෙකි. බැරිවෙලාවත් අපේ හිතේ කකියන ප්‍රශ්න ටික එදා ඇහුවා නම් අද මේ ලියන මොහොතේද ගුටි කෑමෙන් අවශේෂ වූ කැළැල් අතගා මදහසක් නගා ගැනීමට ඉඩ තිබිනි.
ඔය අල්ලපනල්ලේ මුලින්ම අප අතරට ආ පත්තරයේ (සුර සැප සොයා) හිටි ස්ත්‍රී රත්නය වූයේ රෙබෙකාය. අනේ අපි ඒක බලලා පින් දුන්න විදිහට උන්දෑ තවමත් ඇත්තේ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ විය යුතුය. ඒ දවස් වල රෙබෙකා හමු වී තිබුණේ අපේ සගයා ගේ අස් කරද්දී උගේ තාත්තාගේ පරණ පොත්පත් අතර තිබියදීය. පරම්පරාවෙන් පරම්පරාවට මානසික සහනය සැලසූ රෙබෙකා සිහිවද්දී අදටත් හිත සැහැල්ලු වන්නේ මගේ විතරක් නම් නෙමේය.
ජාතික හැදුනුම්පත ලද වහාම ඉබ්බෝ දියට පැන්නාහුය. කඩුවෙල රෙකෝර්ඩ් බාර් එකකට හැදුනුම්පත ඇප වශයෙන් තබා ගත් ඩෙක් පීස් එක රැගෙන ස්පෝර්ට් මීට් අතරදී අපි පැන්නේ ඉහළ බෝමිරියේ සගයෙකුගේ නිවසකටය. උගේ මව පියා දෙදෙනාම රැකියා කරන මුත් අසල්වාසීන්ගේ අවධානය යොමුවීමට ඉඩ නොදී ගේ බිදින හොරු රැලක් පරිද්දෙන් රූපවාහිනිය ඉදිරියට රැස් වුනෙමු. ප්‍රේක්ෂකාගාරයේ කොල්ලෝ පහළොවක් පමණ සිටින්නට ඇත. චිත්‍රපටිය අවසානයේ මේ උත්කර්ෂයේ උච්චස්ථානයට පත්ව සිටි ටෙකා ගෘහපතියා වූ ආසිරියාට දණ ගසා වැන්දේය. හැමෝම හිතුවේ ප්‍රෙෂර් එක රිලීස් උන බවය. අයියෝ ඒක එහෙම උනේ නැත !!!
නවයොවුන් වියට පත් වීමේදී සිදු කෙරෙන ශාරීරික හා මානසික අරගලයෙහි ඉලක්කය වනුයේ පුද්ගල ජීවිතයේ දරුවෙකු ගැටවර විය හරහා වැඩිහිටියෙකු බවට පත්වීමෙහි ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය වේ. වසර 12 - 18 කාලසීමාවෙහිදී නවයෞවන නොහොත් ගැටවරයන්ගේ (Adolescents) චර්යා රටා අධ්‍යයනයෙහි යෙදෙන මානව විද්‍යාවේදීන්ට අනුව කුතුහලය (Curiosity) ප්‍රධාන සාධකය වශයෙන් පිහිටා සිදු කරනු ලබන ලිoගික ආසක්තවීම ජීව විද්‍යාත්මකව ඉතාමත් සාමාන්‍ය කරුණකි. ඒ වයසේ ක්‍රියාකාරකම් වෙතට සෘජු බලපෑමක් කෙරෙනුයේ හයිපොතැලමස (Hypothalamus) සහ පිටියුටරි ග්‍රන්ථිය (Pituitary Gland) වෙතින් වෑස්සෙන හෝමෝන හේතුවෙනි. විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබෙන පරිදි එම ක්‍රියාකාරීත්වයේදී පිරිමියාගේ සක්‍රීයත්වය කාන්තාවකගේ මට්ටමට වඩා බලවත්ය. ඒ අනුව සාමාන්‍ය ව්‍යවහාරයේදී කොල්ලන්ගේ කුලප්පුව වැඩි වීම අධිටෙස්ටොස්ටෙරොන් (Testosterone) මට්ටම හා බැදී තිබීම බව පොතපතින් කියැවූවද අවබෝධයට කල් ගත වීය.
පිරිමියෙකුට ලිoගික ආසක්තතාවයෙහි කුතුහලය දැඩිව ඇතිවන්නා සේම එහි ප්‍රතිවිරුද්ධ පාර්ශවය ඊට නැඹුරු වීමට නම් ඇයගේ අධීඊස්ට්‍රජන් (Estrogen) ක්‍රියාකාරීත්වයක් පැවතිය යුතුය. ජන සමාජය තුල ගැහැණු දරුවෙකුට දැඩි රැකවලක් යෙදීමත් කොල්ලන් බල්ලන් සේ ලෙහා දැමීමත් හේතුවෙන් අධීඊස්ට්‍රජන් ක්‍රියාකාරීත්වයෙන් යුතු කෙල්ලන්ට වඩා අධිටෙස්ටොස්ටෙරොන් ක්‍රියාකාරී කොල්ලන්ට බොහෝ විට මේ ජාතියේ හැගීම් හඹා ගොස් අත්දැකීම් ලබා ගැනීමට තිබෙන සම්භාවිතාවය වැඩිය.
ගැටවර වැඩ අතටම මාට්ටු උවද බොහෝ විට වැඩිහිටියන් ඒ කෙරෙහි උපේක්ෂාවෙන් බලා කේස් එක මුල්ලකට හේත්තු කර නිහඩව ඉන්නේ ඔවුන්ගේද ග්‍රහයා නීච වී සිටි කාලයේදී මේ අත්දැකීම් ප්‍රත්‍යක්ෂ කොට ඇති බැවින් විය යුතුය. කෙනෙකු වැඩිහිටියෙකු වූ පසුව පෙර කී පරිදි ගැටවර වියේ දැමූ සෙල්ලම් දැමීමට පෙළඹෙන්නේ නම් එය අසාමාන්‍ය තත්වයක් වන අතර සමාජයේ ගැරහීමටද පත්වෙනු වලක්වනු නොහැකිය. කෙසේ උවද ෆුට් බෝඩ් එකේ ගොස් අතපය කඩා ගැනීමත්, බස් රථයක පෙම් මුල්ලේ ලව් කිරීමත්, වලියකට මැදි වී හොදට පෝරියල් කෑමත් ගැටවර කාලයේදී අත්විදිය යුතුමය. හොරාට වැල පත්තරයක් ඇදීමද මේ ලයිස්තුවට එක් කලාට කමක් නැද්දෝයි සිතමි. නැතිනම් අපරාදේමය. බුදුරජානන් වහන්සේ වදාල පරාභව සූත්‍රයේ (අතීත යොබ්බනො පොසො - ආනෙති තිම්බරුත්තනිo - තස්සා ඉස්සාන සූපති - තo පරාභවතො මුඛo) මහල්ලෙකු තරුණ කෙල්ලක භාර්යාව වශයෙන් තෝරාගෙන ඇය කෙරෙහි තෘෂ්ණාවෙන් නොනිදා පහන් කිරීම පිරීහීමට කාරණයක් බව සදහන් අතර ඒ ගැන මගේ අනු කියැවීම නම් ඒ ඒ කාලයේ කල යුතු දෑ ඒ ඒ කාලයේම කොරලා ඉවර කල යුතු බවය. එතකොට ඒ කාලයේ මිස් වෙච්ච දේ ගැන තණ්හාවක් ඇති නොවන බැවින් ජීවිතේ බොහෝ දුරකට රිලැක්ස්ය.

Comments

Popular Posts