කටේ කයිවාරු ...


ශ්‍රේෂ්ඨ ජාතීන් කියා කොටසක් ලෝකයේ නැත.
1. බ්‍රිතාන්‍යයන් : යටත් විජිත කොල්ල කෑවෝය. ගම් ගිණි තබා ගැහැණුන් දූෂණය කලහ.
2. ඇමෙරිකානුවන් : හිරෝෂිමා නාගසාකි වෙත පරමාණු බෝම්බ හෙලා සමූල ඝාතනයන් සිදු කලෝය.
3. ප්‍රංශයෝ : ඇල්ජීරියාවේදී සමූහ ඝාතනයන්ද සමූහ දූෂණයන්ද කර දරුණු අපරාධ කරන ලදී.
4. ජර්මානුවෝ : ලක්ෂ ගණනක් යුදෙව්වන්ව ගෑස් කාමර තුලදී පරලොව යැව්වාහුය.
5. ජපන්නු : දෙවන ලෝක යුද්ධ සමයේ නන්කින්හිදී චීන්නුන් ලක්ෂ තුනක් මරා දමා කාන්තාවන් අසූ දහසක් දූෂණය කලහ.
6. රුසියෝ : සිරියාවේ යුද්ධයට මැදිහත් වී ඇලෙප්පෝහි සිවිල් වැසියන් විනාශ කරන ලදී.
ඇදහිය යුත්තේ මිනිස් ජාතියම ගරු කටයුතු ලෙස ජීවත් වීම පමණකි. එල්ටීටීය මිනිස් ජාතියට අවමානයකි. එල්ටීටීයේ පැවැත්ම හෝ යලි නැගිටීම තුල ශ්‍රී ලාංකිකයාට කිසිදු සහනයක් අත්වන්නේ නැත.
ලෝකයේ කොතැනක හෝ එල්ටීටීය හිස ඔසවයි නම් ඒ අමානුෂීය ත්‍රස්තවාදය කුඩු පට්ටම් කර දැමිය යුතුය. ඊට සිංහලයා සහ දෙමලා එකට අවබෝධයෙන් අත්වැල් බැදගත යුතුය.
රාජතාන්ත්‍රිකයෙකු වැරද්දක් සිදු කලහොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට විදේශික රටකට අයිතියක් නැත (Diplomatic Immunity). කල හැකි එකම දේ වන්නේ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබද අසතුට අදාල රටෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දීම පමණකි. එම රාජතාන්ත්‍රිකයාව නැවත කැදවන්නේද නැද්ද යන තීරණය ගත හැක්කේ ඔහුගේම රටට පමණකි. 1967 දී බුරුම තානාපතිවරයා (Sao Boonwaa) අනියම් සම්බන්ධයක් හේතුකොට ගෙන සිය බිරිදව මරා දැම්මේ ශ්‍රී ලංකාවේ නිල නිවසේදීය. අපේ පොලීසියට අවම වශයෙන් ඔහුගේ නිවසේ ගේට්ටුවෙන් ඇතුලු වීමට පවා අවසර ලැබුනේ නැත.
බොහෝ උන්දැලා තානාපති සේවයට ගොස් සිය දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දී අතිරේක බිස්නස් එකක්ද කොරගෙන රටේ කීර්තිනාමය ගැන වගේ වගක් නැතිව ඉන්නා අස්සේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු කියන පිරිමියා එල්ටීටීඊ ඇම්මෙන් දගලනා ඩයස්පෝරා කුලකයට ජාතික ධජය පෙන්වා උගුරු දණ්ඩ තියෙන තැනද මතක් කර දීමෙන් ශ්‍රී ලාංකිකයන් කැනහිලුන් නොවන බව ලෝකයට කියා දී තිබේ.
ඕන්න ඔය වගේ වැඩ දකිද්දී බුකිය ඇතුලේ හෙන දර්ශනවාදී ටෝක්ස් දෙමින් හමුදා නිලධාරියාට බැන වදින උන්දැලා එල්ටීටීඊ කාරයන් අරන්තලාවේදී සාමණේර පැටව් පෙති ගහද්දී, කාත්තන්කුඩි පල්ලියේදී මූසල්මානුවන් මරා දමද්දී සහ පුදුකුඩුඉරිප්පු වලදී දමිලයන් මිනිස් පලිහක් කර ගනිද්දී බවුන් වැඩුවාහුය.
ඕකට මදාවි භාෂාවෙන් මරු කියමනක් තිබේ. "කටේ කයිවාරු ... පුකේ අච්චාරු ..." 😃🔫

2018-02-08

Comments

Popular Posts