අපිට දියව් !



නාවල පාරේ සොෆ්ට්ලොජික් එකට ගියේ පිස්සු හුටo පරිගණකයට බේතක් කොරව ගන්න කියල. ඕපන් යුනිවර්සිටි එක ගාව ඉදලම කැරළි මර්දන පොලීසිය මුළු හතර දිග්බාගෙම වට කරගෙන හිටියා. මේ අද දවල්. අන්තරේ කොල්ලො කෙල්ලො දිග පා ගමනක. විරෝධතාවය හොදට සoවිධානය කරල තිබ්බා. බෙදල තිබ්බ ලීෆ්ලට් එක මම දැක්ක හිටo. හතර වටෙන්ම පාරවල් ටික බ්ලොක්. නමුත් ඉතින් හදිසි රෝගියෙක් වගේ අවස්ථාවක වැඩේ අවුල්. ජන මතය පිබිදීමට විරෝධතාවය වැදගත්. ඒකට ශිෂයයෝ මූලික වීම ඉතාම වැදගත්. දේශපාලනයෙන් තොර අධයාපනය කන්ඩදැයි බොලව්!

කොයිකටත් රoචු ගැගෙන විරෝධතාවය මග ඇරල යමුයි කියල එහෙම නෝහෙල්ලුම් ට්රැෆික් එකේදි මම පෝඩ්ඩකට ඇල උනා. මදැයි කොලා. ඇල දොල උනා. මාව උඩ ගිහින් ඇහැරුනේ "අපිට දියව්" කියල කන ලගින්ම ආපු සද්දෙකට. රථාචාර්ය තොමෝ පිස්සුවක් කෙළල විරෝධතාව අස්සටම කිමිදිලයි කියලයි මම හිතුවෙ. බැලින්නම් වාහන අස්සෙ හිර වෙච්ච තවත් ස්කූල් වෑන් එකක පොඩි උන් ටිකක්. අයියල අක්කලගෙ සද්ද අහලා උපරිම උත්තේජනය වෙලා. මෙලෝ හසරක් නොතේරෙන පොඩි උන් වෙනුවෙන් පාරට බැහැපු වැඩිමහල් සිසුන්ට මගේ උත්තමාචාරය. අල උනත් අපත උනත් රතු එළිය තමයි පාලනාධිකාරියේ කොම්ෆර්ට් සෝන් එක කැඩුවෙත් කඩන්නෙත්.

නැත්තම් ඉතින් පාට් ටයිම් ජොබක් හොයාගෙන අසයින්මන්ට්ස් ටික වෙලාවට දීල මුට්ටියක් එහෙම ලෝභ නැතුව අල්ලගෙන උපාධිය තලාගෙන ජොබකට සෙට් වෙන්න බැරියැ. තමන්ගෙ ඇගේ තරුණ ලේ දුවද්දී පරාර්ථකාමීත්වය ඉස්මතු වීම කොච්චර නම් සමාජයීය දියුණුවට ඉවහල් වෙනවද. ගිණි ගහන දවාලේ කැරළි මර්දන පොලිසියේ ලස්සන බැටන් පොලු අතරින් කැපී පෙනුනු පරාර්ථකාමීත්වයට මෙන්න මගෙන් සීතල වතුර වීදුරුවක්. ජය !

Comments

Popular Posts