සද්දන්තයන්ගේ ආත්ම



මනු සතාගේ සoස් කෘතිමය අවශයතාවයන් සදහා නිදහස සීමා කරන ලද තේජාන්විතයන් සමූහයක් ලෙස අලි ඇතුන් සැලකිය හැකිය. අලියෙකු හීලෑ කිරීම සදහා බඩගින්නේ තැබීමෙන් ආරම්භ කර අතිශය දරදඩු භාවය මට්ටු කිරීම සදහා ලිoගේන්ද්රයට හෙන්ඩුවෙන් ඇණීම දක්වා වූ සමස්ත ක්රියාදාමය ඇසීමට කටුක වූ ඇත්තකි.

පසුගියදා නිමාව දුටු නවගමුව පත්තිනි දේවාලයේ ගෙවැදීමේ පෙරහැර මoගලයය උදෙසා සහභාගී වූ අලි ඇතුන්ට උක් ගස් දන්සලක් දීමට අපේ කොල්ලන්ට උවමනාවක් ඇතිවූයේ එහි වෙනස්ම ආශ්වාදයක් ඇති බවට දැනුනු ඉවෙනි. වැඩේ සහතිකයෙන්ම ඇත්තය. පෙරහැරේ ගමන් ගත් අලිද, දන්සැල දුන් අපිද සහ දැක බලා තුටු පහටු වූවන්ද සතුටු වූ බවට ඕනෑ තරම් සාක්ෂි තිබුණි.

බිමට වැටෙන තනි උක් ගස් කෑල්ලක් උවද සිය හොඩය හා පාදය උපයෝගීත්වයෙන් සීරු මාරුවට කට තුලට දා ගැනීමට අලින්ට ඇති හැකියාව පුදුම සහගතය. අලින්ට ඇත්තේ පට්ටම මීටරයකි. එක් උක් ගස් මිටියක් කෑ පසු තව උක් තිබෙන බව දැක පෙරහැරේ ඉදිරියට නොගොස් දන්සල දෙන තැන වාත වෙවී බොරු මර්සි දැමීම හැම අලියාම කරන ලද්දේය.  අප වටා උන් පොඩිත්තන් සමූහයද  පණ බයේ මුත් අලි ඇතුන්ට කවන්නට කිට්ටු වූහ. සතා සිව්පාවාට ආදරය කරන්නට පොඩ්ඩන් පෙළඹවිම අප සතු යුතුකමකි.

උක් ගස් පොරොන්දු වූ එකා අපිට පොල්ල තිබ්බ පසු නවගමුවේ කැලෑවකට වැදී උක් ගස් කැපූ අපේ උන් මේ දානය දුන්නේ හෙනම භක්තියෙන් සහ ජොලියෙනි. තව තවත් පින් සිතුවිලි පහල වීමට අලි ඇතුන්ට දුන්නා වූ උක්ගස් දානය පාරමිතාවක් වේවා යැයි පතමි.

තෝමස් විලියම් ( 1804 -1845) යන එoගලන්ත ජාතිකයා අපේ රටේ සිටි අලි ඇතුන් 1400 කට ආසන්න ගණනක් උගේ විනෝදාoශය වෙනුවෙන් මරා දැම්මේය. පොත් පත් වල තියෙන විදිහට මුලින්ම අලියා වට කර වෙඩි තැබීමට පහසු කරවූයේ දවස්වල හිටි වීරෝදාර දේශීය ගොට්ටන්ය

මේ පිoකමෙහි ආනුභාවයෙන්අකාලයේ මරා දැමූ සද්දන්තයන්ගේ ආත්මයන්ටද; වර්තමානයෙහි මොණර කොල කිහිපයක් වෙනුවෙන් මව් ඇතින්නගෙන් වෙන් කරවා, නොවැඩුනු කකුල් තුවාල වන තෙක් දම් වැලින් බැද බඩට අහරක්ද නොදී හොරෙන්ම අතුරුදහන් කරවන අහිoසක අලි පැටවුන්ටද යහපතක් වේවා යැයි පතමු !

Comments

Popular Posts