පුරවැසියාගේ ආතල් කැඩීම



චීවරයට අපි ගරු කරමු. චිරාත් කාලයක් මුළුල්ලේ රටද ශාසනයද රැක ගත්තේ චීවරය දැරූ ස්වාමීන්වහන්සේලාගේ මැදිහත් වීමෙනි. උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයන්ට වැදී බණ භාවනා කටයුතු පමණක්ම කලේ නම් ශ්‍රී ලංකාව තවත් බංග්ලාදේශයක් වී තිබෙනු ඇති බව තේරුම් නොගැනීමට අපි හුරතලුන් නොවෙමු.

ගලගොඩඅත්තේ හිමියන් සිරගත කලේ ගරු අධිකරණයට අපහාස කිරීම හේතුවෙනි. සන්ධ්‍යා එක්නැලිගොඩගේ මිනිහා සිංහල කොටියෙක් උවද නොවුනද අධිකරණ ක්‍රියාදාමය තුලදී නීතියේ ආධිපත්‍යයට සියල්ලෝ යටත් විය යුතුය.

එහිමියන් නඩු තීන්දුව ලැබෙන මොහොතේදී විනිශ්චයකාරවරයාගෙන් මෙසේ විමසූහ.

"අධිකරණය විතරද පැවතිය යුත්තේ ?"

එය පමණක්ම ප්‍රමාණවත්ය. නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක වන්නේ නම් සිංහල දෙමල මුස්ලිම් කිසිදු ජනවර්ගයක් අන්තගාමීන්ගේ අතවරයට පත් නොවනු ඇත. විල්පත්තුවේ වන විනාශය, නැගෙනහිර වහාබ් ධ්‍රැවීකරණය, රට පුරා සිදුවන පුරාවස්තු විනාශය, එල්ටීටීඊ පුනරාගමනය ආදී කුමන ආකාරයේ දේශයට අහිතකර ක්‍රියාන්විතයක් උව මැඩපැවැත්වීමට සිවුරු හෝ සිවිල් මැරයන්ගේ අවශ්‍යතාවක් පැන නොනගිනු ඇත.

අධිකරණ තීරණයකින් වැරදිකරු වූ ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් බන්ධනාගාර නීති රීති වලට අනුකූල විය යුතුය. ජන සමාජය තුලට විසරනය වී ඇති මතය නම් මුදල් බලය ඇති නාමධාරී පුද්ගලයන්ට එම නීති අකුරටම ක්‍රියාත්මක නොවන බවය. දේශපාලනඥයින් සිරගත වූ වහාම බන්ධනාගාර රෝහල් ගත වීම මහජනයා වශයෙන් අපට පුරුදුය. පුරවැසි අපට එහි වෙනස්ම ආතල් එකක් තිබේ.

ගලගොඩඅත්තේ හිමියන්ගේ කාරණයේදී ඒ ආතල් එක කැඩී ඇත. ඉතින් රටක් වශයෙන් කුලප්පු නොවී සිටිය හැකිද?

තිළිණ හිරිපිටිය
2018 - 6 - 18

Comments

Popular Posts